7/3/10

දළ ඇතකු සමග රැයක්.....

ඔන්න මම අද කියන්න යන්නෙ හොල්මන් කථාවක් නම් නෙවෙයි ඒත් ඉතින් මේක දඩයක්කාරයෙක්ගෙ භිහිසුණු අත්දැකීමක්.. දකුණු පළාතෙ මත්තල ප්‍රදේශයේ රාළහාමි හොඳ දඩයක්කාරයෙක් බව මීට පෙර ලියපු හොල්මන් කථාවකත් කියල තියනව නේ ඉතින් රාළහාමිගෙ භිහිසුණු අද්දැකීම් ඇහුවම මට හිතුණ මේක හොල්මන් අඩවියේ දාන්න..කතාව මේකයි ..


රාළහාමි පුරහඳ ඇති දාට දඩයමේ යෑම සිරිතක්  එදා හඳ හොදට පායලා තිබුණ දෙකොනේ ලණු දෙකක් බැඳපු ගෝනියත් අරගෙන රබර් බූට් දෙකත් දාගෙන රෑට තේ උගුරක් බොන්න පුංචි මුට්ටියක් සහ සියලුම අඩුම කුඩුම අරගෙන සෝමපාල මහතාද කැටුව රාත්‍රී 10ට විතර කෑලේ ඇතුලට රිංගුවෙ ලයිසන් තුවක්කු දෙකත් මානගෙන. ඔහොම පැය තුනක් විතර කැළේ ඇතුලෙ දෙන්න එක්ක සද්දයක් බද්යක් නැතුව ගොදුරක් හොයාගෙන යන්න පටන්ගත්ත ඒත් හාවුන් සහ උරුලෑවන් හැරෙන්නට ලොකු සතකුනම් ටෝචි එළියට ඇහැ දුන්නෙ නෑ හාවොන්ට ,උරුලෑවුන්ට වෙඩිතියල පතොරොම් නාස්ති කරගන්න දඩයම් කරුවො කැමති නෑ.. ඔන්න ඔයොම යද්දි ඈතින් මුවකු හඬන සබ්දයක් ඇහෙනව රාලහාමි සෝමපාල මහත්තයට දකුණු පැත්තෙන් ඉස්සරහට යන්න කියල මුවා හැඬුව ශබ්දය දිහාවට පියවර මැන්න....

ඒත් මුවෙක් තියා ඉත්තෑවෙක් වත් ඒ දිහාවෙ හිටියෙ නෑ පැයකට විතර පස්සෙ ආපහු දෙන්නම එකට සෙටි වුණා ගමන් මහන්සිය නිසා තේටිකක් බොමු කියල දෙන්නම කථා වුණා අදහසට සෝමපාල මහත්තයාත් එක පයින්ම එකඟවුණා ඔන්න දෙන්න එක්ක කැළය මැද ගින්දර ගොඩක් ගහල තේ හදාගෙන බිව්ව දැන් ඉතින් තව ඉස්සරහට ඇවිදගෙන යන එකේ තේරුමන් නෑ කියල කිව්ව රාළහාමි ගමන නවත්තලා මොදර වැව් ඉව්රෙ ගස් දෙකක සතකු වතුර බොන්නට එන තෙක් රැකගෙන සිටීමට කතිකා කර ගත්ත සෝමපාල මහත්තයා එහා ඉව්රට යන්න ගියා හැබැයි පේන තෙක් මානයේ... සෝමපාල මහත්තය ගිය ඉසව්වෙ මහ ගස් එමටයි ඔහුට නම් රැකගෙන ඉන්න හොඳ ස්ථානයක් ලැබිල ඒත් රාළහාමි හිටි ඉසව්වෙ තිබුණෙ දිරල ගියපු පොඩි පළු ගහක්  සාමාන්‍ය උසක, කරන්න දෙයක් නෑ දිරාපු ගහේ දෙබලක ගෝනිය ගැටගහගෙන තුවක්කුවත් මානගෙන සතකු එනකම් බලන් ඉන්නට උනා...විනාඩි 45ක් විතරයන කොට තනි අලියකු තමන් සිටින ගහ දිහාවට එනව හඳ එළියට දිස්වුණා... රාලහාමිට කරගන්න දෙයක් නෑ අලිය ඇවිල්ල හො‍ඩේ තිව්වත් ඒ ගහ පෙරලෙන බව ඔහු දැනගෙන හිටිය ඌ ගහ ලඟට ආවොත් වෙඩි තියනව කියල තදින්ම හිතා ගත්ත....

එහෙත් අලියා තම ගහ පහුකරගෙන අඩි පහක් හයක් ගියා ගිහින් ඌ වටපිට බලනව හොඬය උස්සනව අඩි හප්පනවා ධූවිලි අවුසනව එකම නාඩගමයි... ඌට මිනිස් ඉව දැනිල ඒත් ඌට රාළහාමි ඉන්න තැන හොයාගන්න බැරුව මොකද ඔහු හිටියෙ අලියට වඩා උස ගහක නිසා වෙන්න ඇති හුළං පාරත් කැරකෙන නිසා කොහෙත්ම ඌට මිනිහා ඉන්න දිහාව ඉවෙන් වත් දැන ගන්න බැරිවෙන්න ඇති කොහොම හරි අලියා පැය බාගයක් විතර දඟලල වතුර බොන්නෙත් නැතුව ආපහු හැරිල යන්න ගියා.රාළහාමිගෙ හිතට දැනුනෙ සැහැල්ලුවක් ඒත් බිමට බහින්නත් බයයි මොකද අලිය ආපහු එන්න ඉඩ තියන නිසා..ටික වෙලාවක් එහෙමම හිටිය මල කෙළියයි! මෙන්න බැලින්නම් දැන් එන්නෙ මහා සද්දන්ත දළ ඇතෙක් අඩි හතරක විතර දළ දෙක හඳ එළියට දිලිසෙනව..ඌත් එන්න රාළහාමිගෙ දිහාවටමයි..දැන්නම් වෙඩි තියන්නම වේ යැයි ඔහු හිතුව තුවක්කුවෙ කොකා ඇදගෙන ගස්සන්නෙ නැත්ව ඇතා දිහා බලාගෙන හිටියෙ..නමුත් ඒ ඇතාත් කළීන් වගේම තමා පහුකරගෙන අඩි කිහිපයක් ඉදිරියට ගිහින් කලින් අලිය නැවතුණ තැනම නැවතිලා වටපිට බලනව ඇතා හොඳටම කුලප්පු වෙලා එතන එක දෙවනතයි සෝමපාල මහත්තා නම් හිතල තියෙන්නෙ රාළහාමි ඉවරයි කියල මූ යන්නෙම නෑ පැය ගානක්ම එතනට වෙලා ඌ කලබල කරනවා රාළහාමිත් ඇතාගෙ කුම්බස්තලයට තුවක්කුව මානගෙන ඇසිපිය නොසොල්වා බලාගෙන ඉන්නවා....මොකද කුම්බස්තලයට හරි කනට හරි වෙඩි වැදුනෙ නැත්නම් ඇතා එකපාරින් මැරෙන්නෙ නෑ කියල රාළහාමි දන්න නිසා එහෙම එකපාරින් මැරුණෙ නැත්නම් තමන්ටත් මැරෙන්නට සිදුවන බව දන්න නිසා....

යාන්තමට එලිය වැටෙන තුරුම ඇතා නෙවෙයි එතනින් හෙළවුණේ ඔන්න මොණරු එකෙක් දෙන්නනෙක් හඬන එළිය වැටීගෙන යන වෙලාවෙ තමයි ඇතා අපාහු හරිල කැළේට ගියේ. එදා දවස කිසිම ගොදුරක් නැතිව හිස් අතින් එන්නති සිද්දවුණා ඒ විතරක් නොවයි හිතට ඇති වෙච්ච බය ඉන් පෙර කිසිදවසක රාළහාමිට දැනිලත් නැතිලූ..ඊටත් වැඩිය රාළහාමිට දුක හිතිල තියෙන්නෙ ඇතා එතෙන්ට වෙලා විබ්බන කරන වෙලාවෙ ඌරො රංචුවක් අගේට වතුර බීලා කැළේට රිංගපු එකටලු

1 ඔබේ අදහසට ඉඩක්:

milan said...

i love these stories.keep it up.