6/17/10

ඉතා උස මිනිසකු පාර හරහා පනී...

මෙම සිදුවීම සිදුව ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පාලම් කඳවුර නම් උහන ප්‍රදේශයට ආසන්න ගමකින්ය.මීට වසරකට පමණ පෙර සමන බැද්ද මහා විහාරස්ථානයේ කඨින පිංකම අති උත්සවාකාරයෙන් සිදුකෙරුණි කඨින වස්ත්‍රය ගෙන යාම සඳහා ප්‍රදේශයේ තරුණ පිරිස දායක විය එහි දී අත් ට්‍රැක්ටර් දෙකකින් මුලු ගමම ආවරණය වන සේ ගමන් කිරීමට තරුණ පිරිස සියලු කටයුතු සුදානම් කළේය එහි එක් අත්ට්‍රැක්ටරයක රියදුරු වූයේ සනත් මහතාය එම අත් ට්‍රැක්ටරය කඨින චීවරය රැගත් ට්‍රැක්ටරය පසුපසින් ගමන් කිරීමට නියමිතව තිබිණ  එහි ඉදිරි පස අසුනේ සනත් අයියාට හිතවත් තරුණයින් දෙදෙනෙකුද වාඩිවූ අතර පිටුපස ද කිහිප දෙනෙක් ගොඩවිය අත් ට්‍රැක්ටර් දෙකම රාත්‍රී 10ට පමණ සමන බැද්ද පන්සලෙන් ගමන ආරම්භ කළේය.

රාත්‍රී 2 පමණවන විට දෙමටමල් පෑලැස්ස පාසල අසලට පැමිණීමට ඔවුන්ට හැකිවිය පසල පසුකර ටික දුරක් යනවිට ඒ ප්‍රදේශයේ පාර දෙපැත්තේ ඇත්තේ ඉතාමත් ඝනට වැඩුන එරමිණියා වැල් එතුන විශාල කටු අකුල්ය අඩුම තරමින් හාවකුට වත් රින්ගා යා නොහැකි අන්දමෙන් මෙම අකුල් සැදී තිබුණි. සනත් අයියාගේ අත් ට්‍රැක්ටරයේ අනෙක් ට්‍රැක්ටරයේ සේම ප්‍රධාන ලාම්පුවට අමතරව පැට්‍රල් ලාම්පුවක්ද එල්ලා තිබුණි.එකවරම සනත් අයියා දුටුවේ කෙනෙකුන් ඉදිරියෙන් පාර හරහා පනින ආකාරයකි වහාම ඔහු ට්‍රැක්ටරය නැවැත්තුවේ ඉදිරියෙන් ගමන් කළ ට්‍රැක්ටරයෙන් බැස ගත් කෙනෙකු තමන්ලගේ ට්‍රැකිටරයට පැමිණෙනවා යැයි සිතූ නිසාය නමුත් ශණිකව ඔහු පාරේ වම් පැතිතේ සිට දකුණු පැත්තට මාරුවී කටු පදුරු අස්සෙන් නොපෙනී ගියේය.ඉදිරි අසුනේ සිටි තරුණයින් දෙපලද මෙම සිද්ධිය සියැසින් දුටුවේය නමුත් තිදෙනාටම මේ පුද්ගලා දුටුවිට සිහින් දාඩිය දමා ඇත්තේ මේ පුද්ගලයා මීට පෙර නොදුටු අසාමාන්‍ය උසකින් යුක්තවූ පුද්ගලයකු නිසාය එසේම ශරීර වර්ණය ලයිට් එළියට දිස්වූයේ ද ඉතාම පැහැපත් දිලිසෙන සුළු ආකාරයකට බව සනත් මහතා පවසයි.පුදුමයට කරුණ නම් ට්‍රැක්ටරය නවතා ඒ අවට පරික්ෂා කර බැලූ විට මිනිසෙකුට ඇතුල් වීමට නොහැකි සේ ඒ ස්ථානයේ වන වඳුල සකස්වී තිබීම බව සනත් මහතා පවසයි. සනත් මහතා සහ දෙපස සිටි තරණියින් දෙපල අදටත් එම සිදුවීම පිළිබද විමතිය පළකරයි.



තොරතුරු සැපයීම පිළීබඳ විශේෂ ස්තුතිය අම්පාර උදයගිරිය මහා විද්‍යාලයේ කීර්ති ගුරුමහතාට

1 ඔබේ අදහසට ඉඩක්:

හසී said...

ගොඩ දවසකින් හොල්මන් කථාවක්....