7/3/10

රාළහාමිට කඳක් පත්තුවෙලා...

ප්‍රසිද්ධ දඩයම්කරු රාළහාමිට වෙච්ච තවත් අකරතැබ්බියක් ... එදා රාළහාමි දඩයමේ ගියේ තනියම වගේම අඩ සඳ තිබෙන දාක රබර් බූට්දෙක දාගෙන වෙනදා වගේම අඩුම කුඩුව අරගෙන ටිකක් වේලාසනින් යන්න පිටත් වුණා මොකද තනියම නිසා කලින් එන්න බලාගෙන... කොහොම හරි මුවන් වැවේ කණ්ඩිය දිගේ ඇවිදගෙන යනකොටම තමන්ට යමක් පෑගෙනවාත් සමඟම මහා අමුතු ශබ්දයක්ද ඇහෙන්නට වුණා බැලින්නම් දාර පොළඟකු තමන්ට පෑගී ඇති බවක් දැකගන්න ලැබුණ ඒ වේදනාවට තමයි ඌ අමුතු විදියට කෑ ගහල තියෙන්නෙ රාළහාමිත් එදාමයි අහල තියෙන්නෙ පොළඟකුගෙ ශබ්දය හොඳවෙලාවට රබර් බූට් දෙක තිබුණෙ එහෙම නැත්නම් ඉතින් අද මෙහෙම  රාළහාමි ගැන කියන්න වෙන්නෙ නෑ. පටන් ගත්තු තැනම බාධාවක්... රාළහාමිට පොඩි චකිතයකුත් ඇති වුණා ඉස්සරහට යනවද නැත්නම් හැරිල ආපහු ගෙදර යනවද කියල..මොකද දඩයම් කරුවන්ට මුලින් බාධාවක් ඇති වුණොත් ඒ ගමන නවත්තලා දානව ඒත් කරුමය කියන්නෙ එදා රාළහාමිගෙ හිත හරිවෙනස් ඉස්සරහට යන්නමයි හිතුණෙ..කොහොම හරි තිරණය කළා ඉදිරියටම යන්න...


ඔන්න ඔහු වැව් කණ්ඩියෙන් පහළට බැහැල කංකුං මණ්ඩිය දිගේ වැව අයිනෙන් ගමන් කළා එතන ඉඳන් මීටර් 200 වත් යන්න උනේ නෑ ඒ හරියෙ කිඹුලන් හතර දෙනෙකුම කංකුං මණ්ඩියට වෙලා ඉන්නව යන්තමට වගේ කලින් දැකගන්න ලැබුණ ඒ නිසා උන්ටික මඟහැරල යන්න පුළුවන් උනා..ඔන්න රාළහාමි ඒකෙනුත් බේරුණා...කොහොම හරි ඔහු වීරවිල්ආර පැත්තට තමයි ගියේ ඒ කාලේ වීරවිල්ආරෙ වෙඩිවැදුණ අලියෙක් මැරිල උගේ කුණ නිසා පැත්තම ගඳ ගහ ගහ තිබුනෙ රාළහාමි දන්නව අනිවාර්යයෙන්ම අලි කුණ අසල ඌරන් ගැවසෙන බව ඒකයි ඒ පැත්තට ගියේ අලි කුණ තිබුණෙ ඩේවිඩ් මහත්තයගෙ අතඇරල දාපු හේනෙ... ඔන්න රාළහාමි ඒපැත්තට යන්න කලින් නාහයත් හොදට වැහෙන විදියට රෙදි කෑල්ලක් මූණෙ බැඳ ගත්ත මොකද අලි කුණේ ගඳ ඉවසන්න අමාරු නිසා.. වැඩිදුරක් යන්න හම්බවුනේ නෑ එකපාරටම හෙන ගැහුව වගේ මහා හඬක් නැගෙන්නට උනා ඒ එක්කම තමන්ගෙ කකුලෙ කලවා ප්‍රදේශය පිච්චී ගිය ආකාරයක් හා වේදනාවක් දැනුන ඒ වගේම තමන්ට මහ අමුත්තකුත් දැනුන පුළුවන්තරම් ඉක්මනට අමරසේකර මහත්තයගෙ වාඩිය පැත්තට රාළහාමි දුවගෙන ගියා ගිහින් වාඩිය ඉස්සරහම සිහිනැතිව බිම වැතිරුණා.. එච්චරයි රාළහාමි දන්නෙ.. පහුවදා උදේ රාළහාමි හිටියෙ වෙද ගෙදර අමරසේකර මහත්තය රෑම රාළහාමි වෙද ගෙදරට ගෙනල්ල.

වෙලා තියෙන්නෙ මේකයි ඌරන්ට බැඳල තිබුණු කඳක් (ඊයම් හෝ බයිසිකල් බෝල හා වෙඩිබෙහෙත් යොදා හදාගන්න උගුලකි දිගු නූලක් පාරහරහා ඇද තබයි එහිදී ඒ නූල හො ලණුව පසුකර යන ඕනෑම සතකුට වෙඩිපාර වදියි ) රාළහාමිට පත්තුවෙලා රාළහාමිගෙ වාසනාව කියන්නෙ නූ‍ලෙ ස්පර්ශවෙලා තියෙන්නෙ ඉස්සරහට දාගෙන ගියපු තුවක්කු බටේ ඒකයි කළින් කඳ පත්තුවෙලා තියෙන්නෙ ඒ නිසා ඊයම් බෝලටික කකුලෙ ගැවී නොගෑවී ගිහින් තියෙන්නෙ ඒකෙන් සුළු තුවාලයක් සහිතව රාළහාමි බේරුණේ අනූනමයෙන් නූල කකුලෙ වගේ ගෑවුනා නම් රාලහාමි ඉවරයි.එදායින් පස්සෙ රාළහාමි දඩයමේ යනවනම් පුරුද්දක් විදියට තුවක්කුබටය ඉස්සරහට දාගෙන තමයි ඇවිදින්නෙ.....   

1 ඔබේ අදහසට ඉඩක්:

මාරයාගේ හෝරාව said...

අගය කරමි.