3/28/10

කොටි මහුණ සහ ගෝනාගේ මල සිරුර...

මේකත් සත්‍ය කථාවක්...නූතන ගුවන් තොට ඉදිවන මත්තල ප්‍රදේශයේ ජීවත් වන මොහු දක්ෂ දඩයම් කරුවෙකි නම සඳහන් කිරීමට අකමැති හෙයින් ඔහු රාලහාමි ලෙස හදුන්වමු. මීට කලකට ඉහත දී මොහු දඩයමේ යෑම පුරුද්දක් කරගෙන තිබූ නමුත් දැන් ඔහු එම පුරුද්ද අතහැර ඇත්තේ වනජීවී නිලධාරීහු එම ප්‍රදේශයේ ගැවසෙන බැවිණි.
එදා පුර පසොළොස්වක පොහෝ දිනකි පොහෝදින දඩයමේ යෑමට කදිම දිනයක් බැවින් එදින ඔහු සුපුරුදු පරිදි නැවත පුරවන ලද පතොරොම් කිහිපක්ද රැගෙන රෑට කෑම සඳහා පාන් රාත්තලක්ද අතට ගත් මොහු රබර් බූට් යුවලද පැලද මොදර වැව උඩත්තාවෙන් කඩවර කැලයට රිංගන්නට සිතා සවස 7වන විට ගමන ආරම්භ කළේය දිගු වෙලාවක් ගමන් ගත් නමුත් හාවකු හෝ ඇස නොගැටීමෙන් තව තවත් කැළය තුලට යාමට ඔහුට සිදුවිය මෙසේ ගමන් කරමින් රාත්‍රී 10 පමණ වන විට කඩවර කැළයේ මැද හරියම පැමිණ සිටියේය තමා ට සුපුරුදු පළු ගසක මුදුනේ ගෝනියක් ගැටගසා  සතකු එනතෙක් රැකගෙන සිටීමට සිතුවේය දැනුනු බඩගින්න නිසා පාන් රාත්තලෙන් කොටසක් ආහාරයට ගත්තේ හකුරු පෙත්තක් සමඟය.එහි පැය 3ක් පමණ ගත කලද බලාපොරොත්තු සුන්විය කිසිම සතකුහෝ දැකීමට හෝ සතකුගේ හඬක්ඇසීමටවත් නොවූ බැවින් තවත් මද දුරක් ඇවිද යාමට ඔහු සිතූහ..

ටික දුරක් ඇවිද ගිය පසු බලාපොරොත්තු සපල විය විශාල අං සහිත ගෝනකු ඉදිරියේ ඇස් දෙන්නට විය හඳ එළිය නිසා ගෝනා පැහැදිලිව දැක ගත හැකිවිය කෑලි පහේ විදුලි පන්දම ගෝනා දෙසට එල්ලකල විගස ඌ නොසෙල්වී සිටියේය.බලාපොරොත්තු සහිතව පලමු වෙඩිල්ල පත්තු කිරීමට කොකා ගැස්සුවද කරුමයට මෙන් වෙඩිල්ල පත්තු වූයේ නැත නැඟුණු කුඩා ශබ්දය නිසා ගෝනා වේගයෙන් කැළය තුලට රිංගා ගියේ... තප්පරයක් වැනි කාලයක් තුලය තමාට වඩා විශ්වාස සහිත තුවක්කුව පත්තු නොවුනේ මන්දැයි පුදුමයෙන් ඔහු සුසුම් හෙළිය ගෝනා ගිය පසු පස යෑමට මත්තෙන් තුවක්කුව පරික්ෂා කිරීමට ඔහුට සිදුවිය.නැවතත් දන්නා ශිල්පයෙන් තුවක්කුව යතා තත්වයට පත් කරගත් ඔහු මුවන්ගේ හඬ බහුලව ඇසෙන්නට වූ දිශාවට පිය මැන්නේය එම ස්ථානයේ වූ ගසක් තෝරා එහි ගෝනිය බැඳීමට සිතා ගස දෙසට විදුලි පන්දම යොමු කළ ඔහු දුටුවේ අද්භූත සිදුවීමක් විශාල ගෝනකු ගේ මල සිරුරක් ගසේ දෙබලක් මත පහතට එල්ලී තිබීමයි ඒ අසලට ගිය මොහුට ලේබින්දු කිහිපයක් තම ඇඟට වැටෙන බවද දැනිණ ඔහුට අදහා ගත නොහැකි විය තරමක් තැති ගැන්මක් ඇතිවූ මොහු මදක් පසුපසට ගොස් නැවත විදුළිපන්දම ගසා විපරම් කරන්නට විය.දිවියකු හෝ ගසේ සිට ගෝනා ආහාරයට ගන්නේදැයි සිතමින්ය.

පුදුමයකි! තමා සිතුදේ නිවැරදි යැයි ඔහුට වැටහුණි එකවරම දිවියකුගේ මුහුණක් ගෝනාගේ සිරුර මතින් දැක ගත හැකිවිය භියට පත් මොහු තම තුවක්කුව ඒ දෙසට එල්ල කර වෙඩිල්ලක් තැබිය එවිට එකවර මිනිසකුගේ විලාප හඬක් සහිතව ගසේසිට යමක් බිමට වැටුණු බවක් දැනින ඔහුට සිතා ගත නොහැකි විය ලහි ලහියේ තවත් පතොරොමක් ගෙන එන දෙයකට මුහුණ දීමට ඔහු සිතා ගත්හ. සිදුවූ සියල්ල යම් නුහුරු බවක් දැනුණ බැවිණ් එම ස්ථානයෙන් ඉවත්ව යෑමට ඔහු සිතා වේගයෙන් පිටු පස බලමින් දිවයන්නට විය පැය බාගයක් පමණ දිව ගිය ඔහු තමාට සුපුරුදු පළු ගසේ මුදුනටම නැග ගත්තේ එය ආරක්ෂිත ස්ථානයක් වූ බැවිණී රැය පහන් වන තුරුම විමසිල්ලෙන් ඒ ගහ උඩම සිටීමට ඔහුට සිදුවිය රැයේ සිදුවූයේ කුමක්දැයි කුතුහලයෙන් උදේ 5-6ත් අතර කාලයේ නැවතත් පළුගසින් බැස ගත් ඔහු සිගරට්ටුවක්ද දල්වාගෙන නැවතත් එම සිද්ධීය සිදුවූ ස්ථානයට යෑමට තීරණය කළේය.....

පුදුමයකි! එම ගස යට වුයේ සුදෝවුන් වැලි තලාවක් නමුත් අඩි සලකුණක් හෝ ලේ සලකුණක් හෝ එසේ සිදුවීමක් ගැන හෝඩුවාවක් හෝ එම ස්ථානයේ නොවීය ගසේ තමා තිවු උණ්ඩ පහර පමක් දැකගත හැකි විය....සිදුවුයේ කුමක්දැයි සිතා ගත නොහැකි ඔහු සුසම් ලමින් එතැනම හිද ගත්තේ බඩගිනි වූ බැවින් ඉතුරු වූ පාන් කෑල්ලවත් කා දමා නැවතත් නිවසට යන අරමුණින්ය පාන් කැබැල්ල අතට ගත් ඔහුට දැකගත හැකිවූයේ එම පාන් කැබැල්ල ලේ වලින් තෙත් වී ඇති ආකාරයකි ඔහු සිතුවේ තම ශරීරයේ සිදුවී ඇති තුවාලයක් නිසා එසේ සිදුවන්නට ඇති බවයි එසේ සිතා ශරීරය විපරම් කල බැලුවද කිසිම සීරීම් සලකුණක් හෝ නොවීය තමාගේ වම් බාහුවට ගෝනාගේ ඇගෙන් ලේ බිඳු වැටුණා මතකය ඔහු ඒ දෙස පරික්ෂා කර බලද්දී එම රුධිර බිදු එසේ වේලී ගොස් තිබිණ..........

පසුව තමාට වැටහී ගියේ එය අද්භූත සිදුවීමක් බවයි.....

9 ඔබේ අදහසට ඉඩක්:

Anonymous said...

සොදුරු සිතත් ආවා ඔයාගෙ ගෙදර........ අපෝ හොල්මන් ලෝකයයි.. මේ වගේ සිංහල බ්ලොග් එකක් මම දැක්කමයි. දවල්ට බලන්නම්.... රෑට නම් බෑ ...........

Raven said...

ඔන්න මමත් ආවා මේ පැත්තෙ..වැඩි වැඩියෙන් අපිව බය කරන්න ලැබේවා..

budhajeewa said...

මරේ මරු. මේකෙ ත්‍රිල් එක තියෙන්නෙ රෑට බලනකොට තමා. දැං වෙලාව එකොළහයි විස්සයි! :D

මුතූගේ දිනපොත said...

dan thama niyama velawa.ahamben awe.12.40i.hikzzz.

V said...

හෙහෙ

මචන් මට මෙතනට එන්න ලින්ක් 2 ක් 3 ක් ඔබන්න උනා පුලුවන්නම් සින්ඩියෙන් කෙලින්ම මෙතෙනට එන්න සෙට් කරන්න.

බොහොම හොදයි.

හසී said...

මමත් ආසයි හොල්මන් කථා කියවන්න.දිගටම ලියන්න.

හොල්මන් අඩවිය said...

අනිවා මචන් කරදරයක් කියල දන්නව ළඟදිම සින්ඩියට දානව......අපි අදහස් කලේ ඇත්තම සිද්ධි විතරක් නම් ගම් සහිතව ලියන්න තවම හොයනව තව කථා 2ක් විතර හොයාගත්තට පස්සෙ කෙලින්ම උඹලට බලන්න පුළුවන්---හොල්මන් අඩවිය වෙනුවෙන් ---තිසර

හොල්මන් අඩවිය said...

ඔන්න දැම්ම...

Anonymous said...

නියමයි මේ වගේ බ්ලොග් අඩිවයක් පටන් ගත්ත එක. මමත් දිගටම කියවනවා..

පොඩි යෝජනාවක්... ලියනකොට මීට වඩා පැහැදිලිව (පොඩි පොඩි ව්‍යාාකරණ අවුල් තිබ්බට කමක් නැහැ. ඒත් බරපතලෙට තියෙනකොට කියවන්න අමාරුයි) ලියන්න පුලුවන් නම් මේ සටහන් වල වටිනාකම තවත් ඉහළ යයි. කතා රසය වැඩි කරන්න භාෂාව හසුරුවගන්න පුලුවන් වෙයි.

දිගටම ලියන්න.