5/4/10

අනුරාධපුර වත්සලා තිස්සමහාරාමයේ හොල්මන් කළ හැටි (අවසන් කොටස)

ඉන් දින කිහිපයකට පසුව සුපුරුදු අයුරින් වත්සලා හා කථාබහ කළ නිමල් හමුවීමට ස්ථානයක්ද යෝජනා කළේය කිසිවක් නොදත් ඇය වෙනදා මෙන්ම නිමල් කෙරෙහි විශ්වාසයෙන් එයට කැමැත්ත පල කළේය ඒ දිනය උදාවිය තම මිතුරාගේ ත්‍රී වීලරයෙන් ගමන යෑම සඳහා පිටත් විය.(ගිය ස්ථානය දැනගැනීමට නොහැකි විය) එසේ යමි ස්ථානයකට ගොස් දෙදෙනාම තනිවී පෙම් බස් මුමුණන්නට විය එහෙත් ටික වෙලාවකින් නිමල්ගේ සැබෑ ස්වරූපය මතුවන්නට විය නිමල්ගේ අතින් වත්සලාගේ ජීවිතය ඒ මොහොතේ විනාශවී ගියේය...එතනින් නොනැවතුණ නිමල් තම මිතුරාටද අවස්ථාව ලබා දුන්නේ මාරා වෙශයෙණි හිත් පිත් නැති මිතුරා තම අශාවද රිසිසේ ඉටු කරගත්තේ වත්සලාගේ විලාපය මැදය..කෙසේ නමුත් නිමල්ට ඇති වූ අනුකම්පාව නිසා ඇය නොමරා නැවතත් වීරවිල හංදිය අසලට ගෙනවිත් දමා මිතුරාද කැඩුව වේගයෙන් තිස්ස බලා ධාවනය කළේය..දැඩි ලෙස අසරණව සිටි වත්සලාට දරාගත නොහැකි සිදුවීම හමුවේ තම ජීවිතය පවා එපා වුයේය ඇය මේ පාපතර ලෝකය හැර යන්නට හිතා ගත්තේ ශණිකවය ඈතින් වේගයෙන් ආ බස්රථය පැන්නේ නිමල් සහ ඔහුගේ මිතුරාගෙන් පළිගන්නා බව සිතමින් විය යුතුය..වත්සලාගේ සෙල්ලක්කාර ජීවිතය එතනින් නිමා වුණි....

වත්සලාගේ අවසන් කටයුතු ඉටු කිරීමෙන් දින කිහිපයකට පසුව ‍තිස්සමහාරාම අලුත්ගොඩපාරේ දී නැවතත් වත්සලා උපත ලැබුවේ අවතාරයක් ලෙසිණි...රාත්‍රී කාලයේ එම පාරෙන් ගමන් ගන්නා ත්‍රීරෝද රථ රියදුරන් කිහිප දෙනෙකුම  වත්සලාගේ ගන්ධබ්බ රුව දැකඇත පිස්සියක සේ කෙස් රොද හේලාගෙන පාවී එන මේ රුව දුටු කිහිප දෙනෙකුම අලුත්ගොඩ පාරේ ඇති බව කිව යුතුය..

දිනක් ගොම්මන් යාමයක ගැබිණි මවක් අලුත්ගොඩපාරෙන් තනිවම පැමිණ ඇත එකවරම වත්සලාගේ අර්ධ රුව ඒ මව වෙත කඩාපැන ඇත එතැන් පටන් එම ගැබැණි මව පිස්සියක සේ විකාරයෙන් යම් යම් දේ පවසන බව ද  නිතරම ත්‍රීරෝද රථ ගැන පවසන බවද  ගම්මුන් කියති නිමල්ටද එම මිතුරාටද එදින සිට මේ දක්වා හරියට නින්දක් නොමැත රෑ කාලයේදී තමන්ට නොයෙකුත් අද්භුත ශබ්ද ඇසෙන බව හිතවතකු සමග පවසා ඔහු සහ එම මිතුරා දැනට ප්‍රදේශය හැරගොස් ඇති බවද ආරංචිවෙයි කෙසේ නමුත් මෙහි සත්‍යතාව සොයාබැලීමට පුද්ගලයින් කිහිප දෙනෙකුම මෙහි පැමිණ ඇති නමුත් ඒ කිසිම කෙනෙක්ට මෙතෙක් හෝඩුවාවක් හෝ දැනී නොමැත නමුත් අහම්බෙන් ඒ පාරෙන් රෑ බොවී ගමන් කරණ ඔනෑම කෙනෙක්ට යම් යම් අද්භූත තත්වයන්ට මුහුණ දීමට සිදුවන බවද නොරහසකි. මෙසේ අසාධාරණයකට ලක්වූ ඒ අවතාර යුවතියටවත් සමාජයේ මෙවන් විපත් භිය ගන්වා හෝ වැළක්වීමට හැකි නම් එය හොල්මන් අඩවියේ ද ප්‍රශංසාවට ලක්වනු ඇත......

නිමි.
තොරතුරු සොයාදීම සම්බන්දව ස්තුතිය- සුරංග දිමුතු මහතා/නුවන් මහතා/ප්‍රියවින්ද මහතා

5/3/10

අනුරාධපුර වත්සලා තිස්සමහාරාමයේ හොල්මන් කළ හැටි (පළමු කොටස)

මේ දිනවල තිස්සමහාරාම කළඹමින් හොල්මන් කරන හොල්මනක් ගැන අසන්නට ලැබේ හොල්මන් අඩවියත් ඒ ගැන සොයමින් නොබෝදා තිස්සමහාරාමයට ගියේය.සිද්ධිය මෙසේය.......

 වත්සලා නම් සුරූපී තරුණියක් අනුරාධපුරයේ සිට තිස්සමහාරම ප්‍රදේශයට පැමිණියේ තම නෑදෑ කෙනෙකුගේ නිවසේ නවාතැන් ගන්නටය  ඇය ටිකෙන් ටික තිස්සමහාරාමයටම හුරු පුරුදු විය නිමල් නැමැත්තා සමඟ ප්‍රේමසම්බන්ඳයක්ද ඇති කරගත් මැය නිතර නිමල් හමුවන්නටද පුරුදුවී සිටියේය. එසේම ඒ අතර වාරයේ මැයගේ ජීවිතයට කනකොකා හැඬුවේ ඒ ආදරය අතරට පැමිණි විරාජ් නම් තරුණයා නිසාය..නිමල්ට වඩා විරාජ් හොඳබව නිතර ඇයට සිතෙන්නට විය ඒ නිසාම නිමල් මඟහැර විරාජ් සමඟ පෙම් කරන්නට ඇය නොදැනුවත්වම පෙළඹුනේය..කෙසේ වෙතත් නිමල් ද ප්‍රදේශයේ තරමක සෙල්ලක්කාර චරිතයකි ඔහු තරමක් ආවේග ශීලී පුද්ගලයෙක්ද විය ..

4/20/10

සයිස් දහයෙ සෙරෙප්පුව.....

මීට වසර ගනනාවකට පෙර දිස්ත්‍රික් පාසල් වොලිබෝල් තරඟාවලියක් සඳහා අම්පාර ප්‍රදේශයේ සිට දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයට අයත් නාමල්වැව නම් සුන්දර ගම්මානයේ වැව ඉස්මත්තෙහි පිහිටි නාමල් වැව විදුහලට යෑමට ප්‍රියන්ත  ගුණසේකර මහතාද එක්වී ඇත වයස අවුරුදු 19 පහළ කණ්ඩායම නි‍යෝජනය කළ ඔහු ඉතා ඉහල දස්කම් දැක්වූ ක්‍රීඩකයෙකි පළමු තරඟය ජයග්‍රහණයෙන් පසුව ඔවුන්ට අම්පාරේ යාමට ඒමට නොහැකි බැවින් පසුදින තරගයට සහභාගි වීම සඳහා එදින නාමල් වැව විදුහල් ගොඩනැගිල්ලේ රැය පහන් කිරීමට සිදුවිය .

4/3/10

කිරි ගොවිපලට ආ "එඩේර අවතාරය"

බදුල්ලට නුදුරු හාලිඇල නම් ප්‍රදේශයේ බෝගහමඬිත්ත ගමේ සිට බලන විට ගලපිටගල නම් කදු මුදුන ස්වභාව සෞන්දර්යය අතින් මනරම්ය ...නමුත් එම ප්‍රදේශයේ ජීවත් වන මිනිසුන්ට ගමන් බිමන් යෑම ඉතා අපහසුය ඒ විශාල කන්දක් තරණය කිරීමට ඇති බැවිණි.එම ප්‍රදේශයට නුදුරු ජයන්තිපුර ගම්මානයේ ඉෂාරට ගලපිටගල ප්‍රදේශයේ ඇති තමාට හිම ඉඩමෙහි ඇති ගොවිපළ වෙත යෑම සුපුරුදු පහසු කට යුත්තක් වූ නමුත් නුපුරුදු පුද්ගලයෙකුට නම් එය ඉතා අසීරු කටයුත්තකි එම කන්දේ එකසැරයක් ගියොත් හොඳපන ගිහින්.! මෙම කන්ද තරණය කරන මාර්ගය ඉතාම පාළුය පෙදෙසකි..පේන තෙක්මානයක ගෙයක් දොරක් නැත සිවලන්ගේ හූ හඬ පමණක් ඇසෙයි එමෙන් සමහර සිවලුන්  මිනිසුන් ගේ පසුපස ලුහු බඳින අවස්ථාද ඇති බව ඉෂාර පවසයි.

3/28/10

කොටි මහුණ සහ ගෝනාගේ මල සිරුර...

මේකත් සත්‍ය කථාවක්...නූතන ගුවන් තොට ඉදිවන මත්තල ප්‍රදේශයේ ජීවත් වන මොහු දක්ෂ දඩයම් කරුවෙකි නම සඳහන් කිරීමට අකමැති හෙයින් ඔහු රාලහාමි ලෙස හදුන්වමු. මීට කලකට ඉහත දී මොහු දඩයමේ යෑම පුරුද්දක් කරගෙන තිබූ නමුත් දැන් ඔහු එම පුරුද්ද අතහැර ඇත්තේ වනජීවී නිලධාරීහු එම ප්‍රදේශයේ ගැවසෙන බැවිණි.

3/25/10

බලු හොල්මනක්.....

මේක ඇත්තම කථාවක් සිදුවුනේ තිස්සමහරාමකට නුදුරු පුදේශයක ඔහු නමින් ප්‍රසන්න දැනට අම්පාර දැවසංස්ථාවෙ සේවය කරන්නෙ.ඔහු ගියේ පන්නගමුව මහ විදුහලට පාසල් යන කාලයේ 9වසරේ දි වුන සිදුවීමක් ප්‍රධාන පාරේ සිට තම නිවෙස වෙත හැතැක්මක පමණ දුරක් පයින් යාමට සිදුවන අතර එම පාර වැටී ඇත්තේද පාළු ඉසවුවකය සොහොන් පිටිටනියක් පසුකරමින් යාමටද සිදුවේ.

3/24/10

හොල්මන් ගැන..

ඔන්න හොල්මන් ගැන කථා කරන්න අහන්න කැමති හැමෝම වෙනුවෙන් තමයි මේ අඩවිය නිර්මාණය කළේ හැබැයි විශේෂත්වය තමයි මේ අඩවියේ ඇතුලත් කරන්නෙ සත්‍යය සිදුවීම් පමණයි ඒ කියන්න කාටහරි හොල්මන් පිළිබද ඇත්තටම අත් දැකීමක් තියනව නම් මේකෙ ඒ අති දැකීම ඇත්ත නම් ගම් සමඟ ඉදිරිපත් කරණව එහම අත් දැකීමක් තියනව නම්
පහළ තියෙන ලිපිනවට ඊ මේල් එකක් එවන්නත් පුළුවන්...

වි.ලිපිනය-
ghostlanka@gmail.com