7/13/10

මෙන්න අභියෝගය..කවුද චන්ඩියා!

හැමදාම හොල්මනුයි භයවෙන කථායි කව්ව නිසා මම හිතුව ඔබේ හිතට පොඩි සහනයක් දෙන්න ... මේ පොඩි අභියෝගයක්..පුළුවන් නම් කරල බලන්න මම වෙබ් සයිට් එකක් දෙන්නම් එකෙ පින්තූර දෙකක් පෙන්නනවා පුළුවන් නම් ඒ පින්තූර දෙක අතර තියන ප්‍රධානම වෙනස්කම කියන්න..බලමු අපේ අය කොච්චර දක්ෂද කියල මෙන්න මේ සබැඳියෙන් ගොඩවෙන්න...

7/5/10

අතුරුදහන් වූ හුළුඅත්ත (විලක්කුව)

එදා සඳ අමාවක දිනයකි..ගුණසේකර  හා සුරංග මාතර රදම්පල ප්‍රදේශයට යෑමට කතිතා කරගත්තේ එදිනය.කෙසේ නමුත් රෑ බෝවන තෙක්ම ගමන ආරම්භ කිරීමට ඔවුන්ට නොහැකි විය යාන්තමට සවස 7 පමණවනවිට මාතර තිහගොඩ ප්‍රදේශයෙන් යතුරුපැදියකින් ගමන ආරම්භ කිරීමට දෙදෙනාටම හැකිවිය.කෙටිපාරක් නොදත් බැවින් මාතර නගරය හරහා රදම්පල දක්වා ගමන් කිරීමට ඔවුන්ට සිදුවිය සාර්ථකව ගමන අවසන් කළ ඔවුන් රුක්ෂාන් ගේ ‍නිවසේ ඔවුන් වෙනුවෙන් පිළීයෙල කර තිබූ  ආහාර භෝජන සංග්‍රහයද  භුක්ති විද රාත්‍රී 11.30ට පමණ නැවතත් ඒමට පිටත් විය.ප්‍රදේශය ගැන දන්නා හඳුනන පුද්ගලයකු තිහගොඩට යෑමට කෙටි මඟ ගැන ඔවුන්ට පැවසූවේය නමුත් ඔහු තරයේ කියා සිටියේ විශාල ෆයිනස් කැළය අද්දරින් වැටී තිබෙන මාර්ග ඉතාම කෙටි වුවත් එමඟින් නොයන ලෙසයි හේතුව විමසුවද ඔහු "කිව්වම යන්න එපා! " යැයි කෝපයෙන් ගුගුලේය....

7/3/10

රාළහාමිට කඳක් පත්තුවෙලා...

ප්‍රසිද්ධ දඩයම්කරු රාළහාමිට වෙච්ච තවත් අකරතැබ්බියක් ... එදා රාළහාමි දඩයමේ ගියේ තනියම වගේම අඩ සඳ තිබෙන දාක රබර් බූට්දෙක දාගෙන වෙනදා වගේම අඩුම කුඩුව අරගෙන ටිකක් වේලාසනින් යන්න පිටත් වුණා මොකද තනියම නිසා කලින් එන්න බලාගෙන... කොහොම හරි මුවන් වැවේ කණ්ඩිය දිගේ ඇවිදගෙන යනකොටම තමන්ට යමක් පෑගෙනවාත් සමඟම මහා අමුතු ශබ්දයක්ද ඇහෙන්නට වුණා බැලින්නම් දාර පොළඟකු තමන්ට පෑගී ඇති බවක් දැකගන්න ලැබුණ ඒ වේදනාවට තමයි ඌ අමුතු විදියට කෑ ගහල තියෙන්නෙ රාළහාමිත් එදාමයි අහල තියෙන්නෙ පොළඟකුගෙ ශබ්දය හොඳවෙලාවට රබර් බූට් දෙක තිබුණෙ එහෙම නැත්නම් ඉතින් අද මෙහෙම  රාළහාමි ගැන කියන්න වෙන්නෙ නෑ. පටන් ගත්තු තැනම බාධාවක්... රාළහාමිට පොඩි චකිතයකුත් ඇති වුණා ඉස්සරහට යනවද නැත්නම් හැරිල ආපහු ගෙදර යනවද කියල..මොකද දඩයම් කරුවන්ට මුලින් බාධාවක් ඇති වුණොත් ඒ ගමන නවත්තලා දානව ඒත් කරුමය කියන්නෙ එදා රාළහාමිගෙ හිත හරිවෙනස් ඉස්සරහට යන්නමයි හිතුණෙ..කොහොම හරි තිරණය කළා ඉදිරියටම යන්න...

දළ ඇතකු සමග රැයක්.....

ඔන්න මම අද කියන්න යන්නෙ හොල්මන් කථාවක් නම් නෙවෙයි ඒත් ඉතින් මේක දඩයක්කාරයෙක්ගෙ භිහිසුණු අත්දැකීමක්.. දකුණු පළාතෙ මත්තල ප්‍රදේශයේ රාළහාමි හොඳ දඩයක්කාරයෙක් බව මීට පෙර ලියපු හොල්මන් කථාවකත් කියල තියනව නේ ඉතින් රාළහාමිගෙ භිහිසුණු අද්දැකීම් ඇහුවම මට හිතුණ මේක හොල්මන් අඩවියේ දාන්න..කතාව මේකයි ..