3/28/10

කොටි මහුණ සහ ගෝනාගේ මල සිරුර...

මේකත් සත්‍ය කථාවක්...නූතන ගුවන් තොට ඉදිවන මත්තල ප්‍රදේශයේ ජීවත් වන මොහු දක්ෂ දඩයම් කරුවෙකි නම සඳහන් කිරීමට අකමැති හෙයින් ඔහු රාලහාමි ලෙස හදුන්වමු. මීට කලකට ඉහත දී මොහු දඩයමේ යෑම පුරුද්දක් කරගෙන තිබූ නමුත් දැන් ඔහු එම පුරුද්ද අතහැර ඇත්තේ වනජීවී නිලධාරීහු එම ප්‍රදේශයේ ගැවසෙන බැවිණි.

3/25/10

බලු හොල්මනක්.....

මේක ඇත්තම කථාවක් සිදුවුනේ තිස්සමහරාමකට නුදුරු පුදේශයක ඔහු නමින් ප්‍රසන්න දැනට අම්පාර දැවසංස්ථාවෙ සේවය කරන්නෙ.ඔහු ගියේ පන්නගමුව මහ විදුහලට පාසල් යන කාලයේ 9වසරේ දි වුන සිදුවීමක් ප්‍රධාන පාරේ සිට තම නිවෙස වෙත හැතැක්මක පමණ දුරක් පයින් යාමට සිදුවන අතර එම පාර වැටී ඇත්තේද පාළු ඉසවුවකය සොහොන් පිටිටනියක් පසුකරමින් යාමටද සිදුවේ.

3/24/10

හොල්මන් ගැන..

ඔන්න හොල්මන් ගැන කථා කරන්න අහන්න කැමති හැමෝම වෙනුවෙන් තමයි මේ අඩවිය නිර්මාණය කළේ හැබැයි විශේෂත්වය තමයි මේ අඩවියේ ඇතුලත් කරන්නෙ සත්‍යය සිදුවීම් පමණයි ඒ කියන්න කාටහරි හොල්මන් පිළිබද ඇත්තටම අත් දැකීමක් තියනව නම් මේකෙ ඒ අති දැකීම ඇත්ත නම් ගම් සමඟ ඉදිරිපත් කරණව එහම අත් දැකීමක් තියනව නම්
පහළ තියෙන ලිපිනවට ඊ මේල් එකක් එවන්නත් පුළුවන්...

වි.ලිපිනය-
ghostlanka@gmail.com