5/3/10

අනුරාධපුර වත්සලා තිස්සමහාරාමයේ හොල්මන් කළ හැටි (පළමු කොටස)

මේ දිනවල තිස්සමහාරාම කළඹමින් හොල්මන් කරන හොල්මනක් ගැන අසන්නට ලැබේ හොල්මන් අඩවියත් ඒ ගැන සොයමින් නොබෝදා තිස්සමහාරාමයට ගියේය.සිද්ධිය මෙසේය.......

 වත්සලා නම් සුරූපී තරුණියක් අනුරාධපුරයේ සිට තිස්සමහාරම ප්‍රදේශයට පැමිණියේ තම නෑදෑ කෙනෙකුගේ නිවසේ නවාතැන් ගන්නටය  ඇය ටිකෙන් ටික තිස්සමහාරාමයටම හුරු පුරුදු විය නිමල් නැමැත්තා සමඟ ප්‍රේමසම්බන්ඳයක්ද ඇති කරගත් මැය නිතර නිමල් හමුවන්නටද පුරුදුවී සිටියේය. එසේම ඒ අතර වාරයේ මැයගේ ජීවිතයට කනකොකා හැඬුවේ ඒ ආදරය අතරට පැමිණි විරාජ් නම් තරුණයා නිසාය..නිමල්ට වඩා විරාජ් හොඳබව නිතර ඇයට සිතෙන්නට විය ඒ නිසාම නිමල් මඟහැර විරාජ් සමඟ පෙම් කරන්නට ඇය නොදැනුවත්වම පෙළඹුනේය..කෙසේ වෙතත් නිමල් ද ප්‍රදේශයේ තරමක සෙල්ලක්කාර චරිතයකි ඔහු තරමක් ආවේග ශීලී පුද්ගලයෙක්ද විය ..

දිනක් තම මිතුරකු මාර්ගයෙන් වත්සලා විරාජ් සමඟ තිස්ස-මාතර බස් රථයක පිටිපස අසුනේ පෙම් සුව විඳිමින් මාතර ප්‍රදේශයට  ගමන් ගත් බව දැන ගත්තේය එසේම රහසේම ජංගම දුරකථනයෙන් එම දෙදෙනාගේ ඡායා රූපයක්ද එම මිතුරා ගත්තේ තම මිතුරාගේ ආදරය රැවටීමක් බව ඔප්පු කිරීමටය මෙය දුටු නිමල් කෝපා විශ්ඨ විය තමාට කුමක් සිදුවූයේ දැයි සිතා ගත නොහැකි විය ඒවන තෙක් නිමල් සමඟද ඇය පෙම් බස් තෙපලමින් පෙම් සුව විදිමින් සිටියේ විරාජ්ට අසුනොවන අයුරිණි. තමාට මේ තරම් වංචාවක් කළේ මන්දැයි ඇසීමට ජංගම දුරකථනයට ඇමතුමක් ගන්නට උත්සාහ කළද එය ඒ මොහොතේ සාර්ථක නොවිය එසේ ඇමතුමක් ගත්තා නම් මේ කථාව මීට වඩා වෙනස් එකක් වන්නට ද තිබුණි.

එදින තම මිතුරන් සමඟ දැඩිලෙස සුරා පානය කළ නිමල් තම මිතුරන්ටද හඬමින් මේ කථාව සැල කරසිටියේය.කෙසේ හෝ තමාගේ එක් පාපතර මිතුරකු ඔහුට කදිම අදහසක් දුන්නේය එනම්...."මේ බව උඹ වත්සලාට කියන්න යන්න එපා..කෙල්ලො කපටියි..ඒ නිසා උඹ ෂේප් එකේ ඒකිට කෙහේ හරි යන්න කථා කරපන් ...ඊට පස්සෙ කරන්න ඕන දේ දන්නව නේ අපිත් ඔනනම් සපොර්ට් එකක් දෙන්නම් මගේ වීල් එක තියනවනේ ඕන තැනක යමනං"..ආදීවශයෙනි. නිමල්ද ඇය කෙරෙහි ඇතිවූ වෛරය නිසාම ඒ අදහසට කැමැත්ත පළකළේය.ඒ මෙහොතේම සිදුවන ආකාරය ප්ලෑන් කළ මොවුන් වත්සලාගේ ජීවිතය විනාශ කිරීමේ මුල් පියවරට අත තැබුවේය......


.පළමු කොටස අවසානයි.  ඉතිරි කොටස බලන්න හෙටත් හොල්මන් අඩවියට ගොඩවන්න

7 ඔබේ අදහසට ඉඩක්:

Anonymous said...

මචන් උබේ සයිට් එල එත් මේ කතාව උදේට දැම්මනම් හොදයි සමහර අය රැට කියවන්න එන්නේ නැ බයට සිංඩි වල උනත් දැක්කත් නොදකා වගේ යනවා බය අය . මගේ කතාව වරදි නම් මට සමාවෙන්න.

අපේ කලින් ගෙදරත් හොල්මන් තිබුනා මම දැක්කා ටිකක් චාටර් දිග කතාවක් එත් ඇත්තෙන්ම එකෙන් පස්සේ මට රැට මාර බයක් තියෙන්නේ

``` Outsider``` said...

අයියෝ පොඩි කොටස් කඩන්නෙ ඇයි...

හොල්මන් අඩවිය said...

එකදිගට ටයිප් කරන්න වෙලාවක් නැති වුණ නිසා මචන්.

නිරහංකාර අහිංසකාවි said...

mata kiyanna puluwanda meka oyalata aranchi une kohommada kiyala??? anea manda.. man danna widiyata nam meka newi aththama kathawa... ape gam palaathe una siddiyak nisai kiyanne.. sama wenna ona prathirupayata haani una nan blog adawiye...

Unknown said...

machang eththa kathawa danne nethuwa merichcha ahinsaka kellekta apahasa karana eka honda deyak neme.poddak ee gena hithala meka ain karala danna site eken if u can if u dont mind if u have a kind heart.

හොල්මන් අඩවිය said...

@ nirahankaara ahinsakaawi
අපහාස වෙන්න තරම් නරක දෙයක් මම කියල තියනවද? මීට වැඩිය දේවල් මේ ලෝකෙ සිද්දවෙනවා... කෙල්ල අහිංසකයි මේ වුන වැඩේ හොඳ නෑ කියල ඔයාට හිතුන නම් ඒකත් ලොකු දෙයක් මැරිච්ච කෙල්ලට ඒක පිනක් ආයෙ මේ වගේ දේවල් නොවෙනව නම් බයට හරි...

හොල්මන් අඩවිය said...

@ dinuk
ඔව් සමහර විට මේකෙ වෙනත් පැත්තක් ඇති ඒ වගෙම මම දැනගත්තු තොරතුරු ටිකෙන් තමයි මම ලිව්වෙ මම ඒ පැත්තට ගිහින් කීප දෙනෙක් ගෙන විස්තර අහල දැන ගත්තෙ 100% හරිද වැරදිද මම දන්නෙ නෑ