4/3/10

කිරි ගොවිපලට ආ "එඩේර අවතාරය"

බදුල්ලට නුදුරු හාලිඇල නම් ප්‍රදේශයේ බෝගහමඬිත්ත ගමේ සිට බලන විට ගලපිටගල නම් කදු මුදුන ස්වභාව සෞන්දර්යය අතින් මනරම්ය ...නමුත් එම ප්‍රදේශයේ ජීවත් වන මිනිසුන්ට ගමන් බිමන් යෑම ඉතා අපහසුය ඒ විශාල කන්දක් තරණය කිරීමට ඇති බැවිණි.එම ප්‍රදේශයට නුදුරු ජයන්තිපුර ගම්මානයේ ඉෂාරට ගලපිටගල ප්‍රදේශයේ ඇති තමාට හිම ඉඩමෙහි ඇති ගොවිපළ වෙත යෑම සුපුරුදු පහසු කට යුත්තක් වූ නමුත් නුපුරුදු පුද්ගලයෙකුට නම් එය ඉතා අසීරු කටයුත්තකි එම කන්දේ එකසැරයක් ගියොත් හොඳපන ගිහින්.! මෙම කන්ද තරණය කරන මාර්ගය ඉතාම පාළුය පෙදෙසකි..පේන තෙක්මානයක ගෙයක් දොරක් නැත සිවලන්ගේ හූ හඬ පමණක් ඇසෙයි එමෙන් සමහර සිවලුන්  මිනිසුන් ගේ පසුපස ලුහු බඳින අවස්ථාද ඇති බව ඉෂාර පවසයි.


තම ගොවිපලෙහි කිරි හරකුන් 4 දෙනෙකු සහ කුකුලන් 25-30ක කොටුවක් ද ඇත එම සතුන් බලාකියා ගැනීමට ඔහුට සිදුවූයේ වාහන අලුත් වැඩියා කරන ස්ථානයක රැකියාව කරන අතරතුරය.නිවාඩු දිනයන්හී රැය ගොවිපලේ ඇති කුඩා නිවසේ ගත කිරීම ඔහුගේ සිරිතයි. එසේ එම ගොවිපලෙහි රාත්‍රිය ගතකරන දිනයක වුණ සිදුවීමකි මේ....

ගවයින්ට තණකොළ ද කපා ගෙනත් දැමූ ඔහු තිබූ මහන්සිය නිසා වේලාසනින් කෑම ටිකක් කා නින්දට යන්නට සිතුවේය ඔහු ඉක්මනින් බතක් පිසෙන්නට හැර පරිප්පු හොද්දක් සඳහා සියල්ල සූදානම් කරමින් සිටියේය එකවරම බල්ලන් බුරන හඬක් ඇසෙන්නට විය ඔහු විදුලි පන්දම ගවයින් සහ කුකුලන් සිටින දෙසට යොමු කරමින් විපරම් කරන්නට විය කිසිම සතකු හෝ පුද්ගලයෙකු එහි නොසිටින බව තේරුම් ගත් ඔහු නැවත තම කාර්යයයෙහි නිරත වුයේය.පරිප්පුයි බතුයි කෑ ඔහු සිගරුට්ටුවක් දල්වා එළි මහනේ ඇති කුඩා පුටුව මත වාඩි වූයේය එවිට නැවතත් බල්ලන් තමන් ඉදිරිපිටට විත් ගව ගාල දෙසට හැරී බුරන්නට විය එවිට කුකුලන්ද කෑ කෝ ගසන්නට විය එය එන්න එන්නම වැඩි වන්නට විය ඔහු තම කැප් තුවක්කුව ද අතට ගෙන පරුෂ වචන කියමින් කවුද යකෝ ඔතන ඉන්නෙ ...කවුරු උනත්ත කමක් නෑ වෙඩි තියනව! කියමින් විදුලි පන්දම ඒ දෙසට යොමු කරමින් ඉදිරියට යන්නට විය නැවතත් බල්ලන්ගේ බිරුම් හඬ නැතිවී ගියේය..හැම අස්සක් මුල්ලක්ම විපරම් කල අතර ඒ අවට පේන තෙක් මානයෙහි විදුලි පන්දම යොදා සොයා බැලිය නමුත් කිසිම හෝඩුවාවක් හෝ දැක ගැනීමට නොහැකි විය නමුත් යම් නුහුරු බවක් දැනුනු හෙයින් ඔහු කවුරුන් හෝ එතැයි සිතා අසල පිහිටි ගස මුදුනට නැග රැක සිටීමට සිතුවේය යාන්තමින් හඳ එළියද වැටී තිබුණි .

ටික‍ වෙලාවක් ගතවූ තැන නැවතත් බල්ලන්ගේ බිරුම් හඬ ඇසෙන්නට විය ඔහු ගහ මුදුනේ සිට ගව මඩුව දිහා ඇස් යොමා සිටියේය පුදුමයකි! එකවර ඒ දෙසින් සිහින් ටින්  හඬක් නිකුත් විය කුඩා ටින් එකකට ගසනවාක් මෙන්. ඒ සමඟම බල්ලන් ඒ දෙසට  පැන පැන බුරන්නට විය ගස උඩ සිටින ඔහුට යාන්තමින් ඡායාවක් පෙනෙන්නට විය කුඩා බෙරයක් බැඳගත් දිගු වැරහැලි කබායක් හැදගත් හිසරෙදි කැබැල්ලකින් වසා ගත් තරමක කුඩා මිනිසකු ගේ ඡායාවකි. මෙය දුටු වහාම ඉෂාර සිතුවෙ කුකුලන් සොරකන් කිරීමට ආ පුද්ගලයෙක් ය යන්නයි පරුෂ වචන කියමින් ගසෙන් බැස ඔහෙ හිටු හොර තක්කඩියා! කියමින් එම මිනිසා සිටින තැනට යන්නට විය මදක් ඒ දෙසට කිට්ටුවන විට ඉෂාරට දෙලොව රත්විය, එයට හේතුව මෙම මිනිසාගේ ශරීරයෙන් විනිවිද පෙනෙන්නට විමයි ඔහු භය භිරන්ත වී ඒ අසලට නොයා කැගසන්නට විය නමුත් එම පුද්ගලයා එය ගනනකට වත් නොගෙන කුඩා රිදීපාට භාජනයකට හරකුන්ගේ කිරි දොවන්නට විය පසුව ටික වේලාවකින් නොපෙනී යන්නට විය ඔහු කිසි විටකත් තමාට මුහුණු දුන්නේ නැත මුහුණ කෙබඳුදැයි කීමට පුළුවන්කමක් නැති බව ඉෂාර පවසයි ඇඳසිටියේ වැරහැලි ලෝගුවකි.

ඇතැමුන් පවසන්නේ කිරි ගවයින් සිටින ස්ථාන වලට එන එ‍‍‍‍ඩේරකුගේ අවතාරයක් බවයි කෙසේ වුවත් එතෙක් කාලයක් හොල්මන් අවතාර නැතැයි තරයේ පැවසූ ඉෂාර දැන් පවසන්නේ එහි යම් සත්‍යයක් ඇති බවත් තමා සියැසින් ඒ බව දුටු නිසා එම මත දැන් විස්වාස කිරීමට සිදුවී ඇති බවත්ය එහෙත් එදා දුටු ඒ එඩේර අවතාරය නැවතත් කිසිම දිනක දැක ගැනීමට නොහැකි වූ බවද ඔහු අප සමඟ පැවසීය.


9 ඔබේ අදහසට ඉඩක්:

ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said...

භවත්‍රා වලත් මේ වගේ එකක් පෙන්නුවා මතකයි

සජීව විජේවීර said...

මේ වගේ කථා ගම්පළාත් වල ඕනෑ තරම් තියෙනවා. ඒත් කවදාවත් මෙහෙම දෙයක් දැකපු කිසිම කෙනෙක් හමුවෙලා නැහැ. මේ සිදුවීමට මුහුණ දුන්නායැයි කියන කෙනා කව්ද කියලා කියන්න පුළුවන්ද ?

Anonymous said...

ඈයි රන්කෙවිට චිත්‍රපටයේ ඉන්න හොල්මනත් මෙහෙම හොල්මනක් නේද?
ඉස්සර අපි නම් කීවේ "පොකුට්ටා" කියල.
වැඩිය උස නැති අඩි 4ක විතර ශරීරයක් තියන,කොණ්ඩෙ කවදාව්ත පීරලා නැති විදිහෙ පොකුටු කොණ්ඩයක් (හොල්මන් කොණ්ඩ පීරනවද දන්නෙ නැහැ) තියන . අහිංසක මුහුණත් තියෙන කෙනෙක් කියල තමයි මම පොඩි කාලෙ නම් අහල තියෙන්නෙ.

Siribiris said...

මා කුඩා කල අපේ සීයා කියන මෙවැනි කථා, අප ආසාවෙන් අසාසිටි අයුරු මතකයි. ඇත්ත නැත්ත කෙසේ වෙතත්, මම නං තාමත් මේවාට ආසයි. කුඩා කාලෙ අපි පාලු තැන් වලට, අදුරට හරිම බයයි. මේ සීතල රටේ, කවදාවත් නොනිදන නගරවල පාලුතැන් අඩු නිසාද මන්දා, එහෙම බයක් හිතට එන්නෙ නෑ. පහුගිය හීතල දවසක, මම බැදුං වගයක් කාලා රෑ දොලහට එලියට වෙලා කෝපි එකක් බිබී ඉන්නකොට, පැන්නෙ නැතෑ ඉස්සරහිං මහසෝනා. මමත් අර WTF කියන එක අමු හිංගලෙන්ම කියලා බැලින්නං මේ ‍රැකූං තඩියෙක් නෙ. ඌට සිංහල තේරෙන්නෙ නැතිවද කොහෙද, මට විරිත්තලා ගියා.

NUWAN said...

මමත් මේ ප්‍රසිද්ධ හොල්මන් චරිත් පිලිබදව කථා බොහොමයක් අහලා තියෙනවා.මහ සෝනා,සොදුරි,ගොපල්ලා,එතකොට මේ මට්ට කොල්ලා ඈත්තටම ඈත්ත නෑත්ත කෙසේ උනත් ජන වහරෙ එන බොහොම ආසාවෙන් අහන් ඉන්න පුලුවන් ජන කථා විදියටයි මම මේවා දකින්නේ.

හොල්මන් අඩවිය said...

@සජීව විජේවීර said...

එයාගේ නම ඉෂාර තරංග. ජයන්තිපුර, බෝගහමඬිත්ත,හාලිඇල.

Siribiris said...

මමත් NUWAN"s lane කියන එකට එකගයි. අප කලයුත්තේ මේවැනි කථා ලිවීමට අභියෝග කිරීම නොව, මේ අපූරු කථා රසවිදීමයි. ඒ සදහා මේවා විශ්වාස කිරීමටම අවශ්‍ය නැහැ. Fantasy කියලා උනත් හිතා ගෙන රසවිදින්න පුළුවනි. (In this part of the world, mythology and fantasies are considered as an important part of the culture.)

අපේ සීයා කිවූ කථා අතර, ඔහු තරුණ කාලයේ මුහුන දුන් සිද්යක් තිබුනා. I don't remember it exactly. Even if my grand dad is alive today, I won't be interested to know whether it is true or not, as I said before. May be he imagined it, because of a shadow of tree or something; I don't know.

I can't guarantee this is a ghost story or not, but this happened to me a couple of month ago. There is a ball court at the back of my house, and usually there are couple of balls always lying around. I used to hear the sound of bumping balls in the middle of night, several times. Being a typical Sri Lankan, I'm a lazy bum myself, and I couldn't care less to find out what's going on, as my sleep is more valuable to me. It could have because of wind - but, there was no heavy wind sound, or just our local raccoons playing a friendly game or some other phenomena such as release of sounds absorbed during the day time. I don’t know and I’m not bothered, as it didn’t scare me at all. Did that stop me from enjoying a hot cup of coffee outside on the middle of those chilly nights? Of course not. I can guarantee one thing, I may or may not seen ghosts, even if I did , they must have being so friendly, that’s why I never norticed.

Anonymous said...

ගොපලු අවතාරය ගැන මමත් අහල තියෙනවා. ගොපලු අවතාරය කිරි ගන්නෙ පට්ටියේ ඉන්න හොදම එලදෙනගෙන් ලු. එයා කිරි දොවාගන්න කලින් උදෙන්ම ගිහින් කිරි ගන්න ඕනෙලු. නැත්නම් එදාට කිරි නැතිවෙනවලු.ගොපල්ලා කිරි දොවලා ගෙනියන රත්තරන් සෙම්බුවක් තියෙනවලු. හොරෙන් ගිහින් ඒ සෙම්බුව ගන්නත් පුලුවන්ලු. හැබැයි ඒක ආපහු දෙනකම්ම ගත්ත කෙනා පස්සෙන් ගොපල්ලා එනවලු. :D

ඔබේ කතා හරිම රසවත්. ඇත්තටම මේවායෙ ඇත්ත නැත්ත හොයනවාට වඩා මේ කතා රසවිදින එක හරි අපූරුයි. අපි ආසයි අහන්න. දිගටම ලියන්න. සුබපැතුම්.

Thanoja Rajapaksha said...

@wath

ඔව්, “රන් කෙවිට“ චිත්‍රපටයේ ඉන්න ගොපළු යකා මෙයාමයි නේ.. එයාගෙ කෙවිට අරගෙන පොඩි වුන් දෙන්නා කරන දේවල්.... අනේ දෙතුන් පාරක්ම බැලුවා... අමාරුයි විශ්වාස කරන්න.. ඒත් බොරුමයි කියල කියන්නෙත් නැහැ මම...

අර කියමනක් තියෙන්නේ “කට කහනවට කියනවෑ“ කියලා.. ඒවගේ ඔය ආච්චිල, සීයලාගෙ පරණ කථා අහක දාන්න බැහැ කොහොමත්..