ප්‍රදේශය බදුල්ල හාලිඇල..... ජානක සහ නාලක දෙදෙනා හැතැක්ම ප්‍රදේශයේ සම්පත් නම් යාළුවකුගේ ගෙදර ගොස් එන විට බොහෝ සෙයින් රෑ බෝ වීය වෙලාව රෑ 11.30ට පමණ විය දෙදෙනාම පැමිණියේ එක් පා පැදියකිනි.කන්ඳ පල්ලමේ පා පැදිය වේගයෙන් පැදවූ ජානක දුටුවේ පාර හරහා පනින විශාල ඌරු නාම්බෙකි එකවරම පාපැදියේ තිරිංග යුවල තදින් තද කලද සිදුවූයේ දෙදෙනාම පාර අයිනේ කුඩා කඳුගැටයක් මත ඇද වැටීමයි දෙදෙනාගේම දන හිස් සීරී ලේ ගලන්නට විය නාලක ලඟ තිබූ ලේන්සුව දෙකට ඉරා දෙදෙනාගේ ලේ ගලමින් තිබූ දනහිස් වල සීරීම් ආවරණය කර ලේන්සු පටය බැඳ ගත්තේය පාපැදියේ හැඩල් එක ඇදවී තිබිණ නැවත නිසි ආකාරව සකස්කරගෙන නැවතත් එන්නට පිටත් විය ටික දුරක් යනවිට නැවතත් ඌරකු පාරහරහා පනින්නට විය ඉතා සෙමින් ආ බැවින් එවර බිම නොපෙරළී පාපැදිය නවත්වා ගන්නට හැකිවිය... කෙසේ වෙතත් මේ ඌරා පනින ආකාරය දෙවනි වතාවටත් දුටුවේ ජානක ය නමුත් ඉදිරියේ වාඩි වී සිටින නාලක එසේ ඌරකු පනින ආකාරයක් දැක නැත.
9/28/10
7/13/10
මෙන්න අභියෝගය..කවුද චන්ඩියා!
හැමදාම හොල්මනුයි භයවෙන කථායි කව්ව නිසා මම හිතුව ඔබේ හිතට පොඩි සහනයක් දෙන්න ... මේ පොඩි අභියෝගයක්..පුළුවන් නම් කරල බලන්න මම වෙබ් සයිට් එකක් දෙන්නම් එකෙ පින්තූර දෙකක් පෙන්නනවා පුළුවන් නම් ඒ පින්තූර දෙක අතර තියන ප්‍රධානම වෙනස්කම කියන්න..බලමු අපේ අය කොච්චර දක්ෂද කියල මෙන්න මේ සබැඳියෙන් ගොඩවෙන්න...
ප්‍රවර්ගය
හොල්මන් නොවන කථා
7/5/10
අතුරුදහන් වූ හුළුඅත්ත (විලක්කුව)
එදා සඳ අමාවක දිනයකි..ගුණසේකර හා සුරංග මාතර රදම්පල ප්‍රදේශයට යෑමට කතිතා කරගත්තේ එදිනය.කෙසේ නමුත් රෑ බෝවන තෙක්ම ගමන ආරම්භ කිරීමට ඔවුන්ට නොහැකි විය යාන්තමට සවස 7 පමණවනවිට මාතර තිහගොඩ ප්‍රදේශයෙන් යතුරුපැදියකින් ගමන ආරම්භ කිරීමට දෙදෙනාටම හැකිවිය.කෙටිපාරක් නොදත් බැවින් මාතර නගරය හරහා රදම්පල දක්වා ගමන් කිරීමට ඔවුන්ට සිදුවිය සාර්ථකව ගමන අවසන් කළ ඔවුන් රුක්ෂාන් ගේ නිවසේ ඔවුන් වෙනුවෙන් පිළීයෙල කර තිබූ ආහාර භෝජන සංග්‍රහයද භුක්ති විද රාත්‍රී 11.30ට පමණ නැවතත් ඒමට පිටත් විය.ප්‍රදේශය ගැන දන්නා හඳුනන පුද්ගලයකු තිහගොඩට යෑමට කෙටි මඟ ගැන ඔවුන්ට පැවසූවේය නමුත් ඔහු තරයේ කියා සිටියේ විශාල ෆයිනස් කැළය අද්දරින් වැටී තිබෙන මාර්ග ඉතාම කෙටි වුවත් එමඟින් නොයන ලෙසයි හේතුව විමසුවද ඔහු "කිව්වම යන්න එපා! " යැයි කෝපයෙන් ගුගුලේය....
ප්‍රවර්ගය
හොල්මන්
7/3/10
රාළහාමිට කඳක් පත්තුවෙලා...
ප්‍රසිද්ධ දඩයම්කරු රාළහාමිට වෙච්ච තවත් අකරතැබ්බියක් ... එදා රාළහාමි දඩයමේ ගියේ තනියම වගේම අඩ සඳ තිබෙන දාක රබර් බූට්දෙක දාගෙන වෙනදා වගේම අඩුම කුඩුව අරගෙන ටිකක් වේලාසනින් යන්න පිටත් වුණා මොකද තනියම නිසා කලින් එන්න බලාගෙන... කොහොම හරි මුවන් වැවේ කණ්ඩිය දිගේ ඇවිදගෙන යනකොටම තමන්ට යමක් පෑගෙනවාත් සමඟම මහා අමුතු ශබ්දයක්ද ඇහෙන්නට වුණා බැලින්නම් දාර පොළඟකු තමන්ට පෑගී ඇති බවක් දැකගන්න ලැබුණ ඒ වේදනාවට තමයි ඌ අමුතු විදියට කෑ ගහල තියෙන්නෙ රාළහාමිත් එදාමයි අහල තියෙන්නෙ පොළඟකුගෙ ශබ්දය හොඳවෙලාවට රබර් බූට් දෙක තිබුණෙ එහෙම නැත්නම් ඉතින් අද මෙහෙම රාළහාමි ගැන කියන්න වෙන්නෙ නෑ. පටන් ගත්තු තැනම බාධාවක්... රාළහාමිට පොඩි චකිතයකුත් ඇති වුණා ඉස්සරහට යනවද නැත්නම් හැරිල ආපහු ගෙදර යනවද කියල..මොකද දඩයම් කරුවන්ට මුලින් බාධාවක් ඇති වුණොත් ඒ ගමන නවත්තලා දානව ඒත් කරුමය කියන්නෙ එදා රාළහාමිගෙ හිත හරිවෙනස් ඉස්සරහට යන්නමයි හිතුණෙ..කොහොම හරි තිරණය කළා ඉදිරියටම යන්න...
ප්‍රවර්ගය
හොල්මන් නොවන කථා
දළ ඇතකු සමග රැයක්.....
ඔන්න මම අද කියන්න යන්නෙ හොල්මන් කථාවක් නම් නෙවෙයි ඒත් ඉතින් මේක දඩයක්කාරයෙක්ගෙ භිහිසුණු අත්දැකීමක්.. දකුණු පළාතෙ මත්තල ප්‍රදේශයේ රාළහාමි හොඳ දඩයක්කාරයෙක් බව මීට පෙර ලියපු හොල්මන් කථාවකත් කියල තියනව නේ ඉතින් රාළහාමිගෙ භිහිසුණු අද්දැකීම් ඇහුවම මට හිතුණ මේක හොල්මන් අඩවියේ දාන්න..කතාව මේකයි ..
ප්‍රවර්ගය
හොල්මන් නොවන කථා
6/17/10
ඉතා උස මිනිසකු පාර හරහා පනී...
මෙම සිදුවීම සිදුව ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පාලම් කඳවුර නම් උහන ප්‍රදේශයට ආසන්න ගමකින්ය.මීට වසරකට පමණ පෙර සමන බැද්ද මහා විහාරස්ථානයේ කඨින පිංකම අති උත්සවාකාරයෙන් සිදුකෙරුණි කඨින වස්ත්‍රය ගෙන යාම සඳහා ප්‍රදේශයේ තරුණ පිරිස දායක විය එහි දී අත් ට්‍රැක්ටර් දෙකකින් මුලු ගමම ආවරණය වන සේ ගමන් කිරීමට තරුණ පිරිස සියලු කටයුතු සුදානම් කළේය එහි එක් අත්ට්‍රැක්ටරයක රියදුරු වූයේ සනත් මහතාය එම අත් ට්‍රැක්ටරය කඨින චීවරය රැගත් ට්‍රැක්ටරය පසුපසින් ගමන් කිරීමට නියමිතව තිබිණ එහි ඉදිරි පස අසුනේ සනත් අයියාට හිතවත් තරුණයින් දෙදෙනෙකුද වාඩිවූ අතර පිටුපස ද කිහිප දෙනෙක් ගොඩවිය අත් ට්‍රැක්ටර් දෙකම රාත්‍රී 10ට පමණ සමන බැද්ද පන්සලෙන් ගමන ආරම්භ කළේය.
ප්‍රවර්ගය
හොල්මන්
6/16/10
අවවාදයයි! අධි සංවේදී පුද්ගලයින් ඉන්නව නම් බලන්න එපා.(ඡායා රූප)
කාලෙකට පස්සෙ හොල්මන් අඩවියෙන් අපි මුණ ගැහෙන්නෙ කාර්යය භහුල තත්වය නිසා හොල්මන් කථාවක් නම් හොයාගන්න බැරි වුණා ඒත් කට්ටිය ටිකක් හරි බය කරන්න ඕන නිසා ඉතාම සංවේදී රූපටිකක් යොයල දාන්න හිතුණ හැබැයි ගර්භණි මාතාවන් සහ අධි සංවේදී පුද්ගලයින් ඉන්නව නම් නොබැලුවට කමක් නෑ..
5/4/10
අනුරාධපුර වත්සලා තිස්සමහාරාමයේ හොල්මන් කළ හැටි (අවසන් කොටස)
ඉන් දින කිහිපයකට පසුව සුපුරුදු අයුරින් වත්සලා හා කථාබහ කළ නිමල් හමුවීමට ස්ථානයක්ද යෝජනා කළේය කිසිවක් නොදත් ඇය වෙනදා මෙන්ම නිමල් කෙරෙහි විශ්වාසයෙන් එයට කැමැත්ත පල කළේය ඒ දිනය උදාවිය තම මිතුරාගේ ත්‍රී වීලරයෙන් ගමන යෑම සඳහා පිටත් විය.(ගිය ස්ථානය දැනගැනීමට නොහැකි විය) එසේ යමි ස්ථානයකට ගොස් දෙදෙනාම තනිවී පෙම් බස් මුමුණන්නට විය එහෙත් ටික වෙලාවකින් නිමල්ගේ සැබෑ ස්වරූපය මතුවන්නට විය නිමල්ගේ අතින් වත්සලාගේ ජීවිතය ඒ මොහොතේ විනාශවී ගියේය...එතනින් නොනැවතුණ නිමල් තම මිතුරාටද අවස්ථාව ලබා දුන්නේ මාරා වෙශයෙණි හිත් පිත් නැති මිතුරා තම අශාවද රිසිසේ ඉටු කරගත්තේ වත්සලාගේ විලාපය මැදය..කෙසේ නමුත් නිමල්ට ඇති වූ අනුකම්පාව නිසා ඇය නොමරා නැවතත් වීරවිල හංදිය අසලට ගෙනවිත් දමා මිතුරාද කැඩුව වේගයෙන් තිස්ස බලා ධාවනය කළේය..දැඩි ලෙස අසරණව සිටි වත්සලාට දරාගත නොහැකි සිදුවීම හමුවේ තම ජීවිතය පවා එපා වුයේය ඇය මේ පාපතර ලෝකය හැර යන්නට හිතා ගත්තේ ශණිකවය ඈතින් වේගයෙන් ආ බස්රථය පැන්නේ නිමල් සහ ඔහුගේ මිතුරාගෙන් පළිගන්නා බව සිතමින් විය යුතුය..වත්සලාගේ සෙල්ලක්කාර ජීවිතය එතනින් නිමා වුණි....
වත්සලාගේ අවසන් කටයුතු ඉටු කිරීමෙන් දින කිහිපයකට පසුව තිස්සමහාරාම අලුත්ගොඩපාරේ දී නැවතත් වත්සලා උපත ලැබුවේ අවතාරයක් ලෙසිණි...රාත්‍රී කාලයේ එම පාරෙන් ගමන් ගන්නා ත්‍රීරෝද රථ රියදුරන් කිහිප දෙනෙකුම වත්සලාගේ ගන්ධබ්බ රුව දැකඇත පිස්සියක සේ කෙස් රොද හේලාගෙන පාවී එන මේ රුව දුටු කිහිප දෙනෙකුම අලුත්ගොඩ පාරේ ඇති බව කිව යුතුය..
දිනක් ගොම්මන් යාමයක ගැබිණි මවක් අලුත්ගොඩපාරෙන් තනිවම පැමිණ ඇත එකවරම වත්සලාගේ අර්ධ රුව ඒ මව වෙත කඩාපැන ඇත එතැන් පටන් එම ගැබැණි මව පිස්සියක සේ විකාරයෙන් යම් යම් දේ පවසන බව ද නිතරම ත්‍රීරෝද රථ ගැන පවසන බවද ගම්මුන් කියති නිමල්ටද එම මිතුරාටද එදින සිට මේ දක්වා හරියට නින්දක් නොමැත රෑ කාලයේදී තමන්ට නොයෙකුත් අද්භුත ශබ්ද ඇසෙන බව හිතවතකු සමග පවසා ඔහු සහ එම මිතුරා දැනට ප්‍රදේශය හැරගොස් ඇති බවද ආරංචිවෙයි කෙසේ නමුත් මෙහි සත්‍යතාව සොයාබැලීමට පුද්ගලයින් කිහිප දෙනෙකුම මෙහි පැමිණ ඇති නමුත් ඒ කිසිම කෙනෙක්ට මෙතෙක් හෝඩුවාවක් හෝ දැනී නොමැත නමුත් අහම්බෙන් ඒ පාරෙන් රෑ බොවී ගමන් කරණ ඔනෑම කෙනෙක්ට යම් යම් අද්භූත තත්වයන්ට මුහුණ දීමට සිදුවන බවද නොරහසකි. මෙසේ අසාධාරණයකට ලක්වූ ඒ අවතාර යුවතියටවත් සමාජයේ මෙවන් විපත් භිය ගන්වා හෝ වැළක්වීමට හැකි නම් එය හොල්මන් අඩවියේ ද ප්‍රශංසාවට ලක්වනු ඇත......
නිමි.
තොරතුරු සොයාදීම සම්බන්දව ස්තුතිය- සුරංග දිමුතු මහතා/නුවන් මහතා/ප්‍රියවින්ද මහතා
ප්‍රවර්ගය
අවතාර
5/3/10
අනුරාධපුර වත්සලා තිස්සමහාරාමයේ හොල්මන් කළ හැටි (පළමු කොටස)
මේ දිනවල තිස්සමහාරාම කළඹමින් හොල්මන් කරන හොල්මනක් ගැන අසන්නට ලැබේ හොල්මන් අඩවියත් ඒ ගැන සොයමින් නොබෝදා තිස්සමහාරාමයට ගියේය.සිද්ධිය මෙසේය.......
වත්සලා නම් සුරූපී තරුණියක් අනුරාධපුරයේ සිට තිස්සමහාරම ප්‍රදේශයට පැමිණියේ තම නෑදෑ කෙනෙකුගේ නිවසේ නවාතැන් ගන්නටය ඇය ටිකෙන් ටික තිස්සමහාරාමයටම හුරු පුරුදු විය නිමල් නැමැත්තා සමඟ ප්‍රේමසම්බන්ඳයක්ද ඇති කරගත් මැය නිතර නිමල් හමුවන්නටද පුරුදුවී සිටියේය. එසේම ඒ අතර වාරයේ මැයගේ ජීවිතයට කනකොකා හැඬුවේ ඒ ආදරය අතරට පැමිණි විරාජ් නම් තරුණයා නිසාය..නිමල්ට වඩා විරාජ් හොඳබව නිතර ඇයට සිතෙන්නට විය ඒ නිසාම නිමල් මඟහැර විරාජ් සමඟ පෙම් කරන්නට ඇය නොදැනුවත්වම පෙළඹුනේය..කෙසේ වෙතත් නිමල් ද ප්‍රදේශයේ තරමක සෙල්ලක්කාර චරිතයකි ඔහු තරමක් ආවේග ශීලී පුද්ගලයෙක්ද විය ..
ප්‍රවර්ගය
හොල්මන්
4/20/10
සයිස් දහයෙ සෙරෙප්පුව.....
මීට වසර ගනනාවකට පෙර දිස්ත්‍රික් පාසල් වොලිබෝල් තරඟාවලියක් සඳහා අම්පාර ප්‍රදේශයේ සිට දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයට අයත් නාමල්වැව නම් සුන්දර ගම්මානයේ වැව ඉස්මත්තෙහි පිහිටි නාමල් වැව විදුහලට යෑමට ප්‍රියන්ත ගුණසේකර මහතාද එක්වී ඇත වයස අවුරුදු 19 පහළ කණ්ඩායම නියෝජනය කළ ඔහු ඉතා ඉහල දස්කම් දැක්වූ ක්‍රීඩකයෙකි පළමු තරඟය ජයග්‍රහණයෙන් පසුව ඔවුන්ට අම්පාරේ යාමට ඒමට නොහැකි බැවින් පසුදින තරගයට සහභාගි වීම සඳහා එදින නාමල් වැව විදුහල් ගොඩනැගිල්ලේ රැය පහන් කිරීමට සිදුවිය .
ප්‍රවර්ගය
හොල්මන්
